විපක්ෂනායක මහින්ද ඉන්දියාවේ



ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතව සිටින විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) දින‍යේදී ඉන්දීය හින්දු පුවත් පත් විසින් සංවිධානය කළ සමුළුවක් සඳහා ද එක්විය‍.         

එම සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු මහතා විසිනි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර  ඉන්දීය කර්නාඨක ප්‍රාන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ආචාර්ය ජී. පරමේශ්වර් සහ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය එච්. ඩී. ඩේව් ගොව්ඩා යන මහත්වරුන්ද හමුවී සාකච්ඡාවල නිරත විය.

මහින්ද රාජපක්ෂ මහතා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා,  ලොහාන් රත්වත්තේ සහ  නාමල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටිති.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS