විදේශ රැකියා නියෝජිත ආයතන වලට රතු එළියක්



ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා යන කාන්තාවන්ට විදේශ ගත වීමට පෙර මුදල් ලබාදීම ලබන මස පළමුවැනිදා සිට සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය කියයි.

එසේ මුදල් ගෙවන බවට තොරතුරු ලැබෙන විදේශ රැකියා නියෝජිත ආයතන පිළිබදව පරික්ෂණ පවත්වා බලපත‍්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව විදේශ රැකියා ඇමතිනී තළතා අතුකෝරල මහත්මිය ලංකාදීපටය පැවැසුවාය. 

ගෘහ සේවිකා රැකියා සදහා යාමට කාන්තාවන්  දිරිමත් කිරීම සදහා ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ දෙක, තුන බැගින් ගෙවන ඒජන්සි පිළිබදව වාර්තා වන බව ද අමාත්‍යවරිය පැවැසුවාය. 

මෙසේ විශාල ප‍්‍රමාණවලින් මුදල් ලබාදී රට රැකියාවලට යන කාන්තාවන් යම් හෝ හේතුවක් නිසා රැකියාව කළ නොහැකිව ආපසු පැමිණීමට උත්සාහ කළහොත් මෙම ගෙවු මුදල් ආපසු ලබා දිමට සිදුවන බවත් ඔවුන් මුදල් වියදම් කරගනෙ  තිබුනොත් බරපතල ප‍්‍රශ්න  රැසකට මුහුණ දෙන්නට සිදුවන බවත් අමතය්‍යවරිය කිවාය. 

මෙසේ මුදල් ලබා දී රට රැකියාවලට යැවීම තහනම් කොට තිබියදී යම් ගෘහ සේවිකාවක් යලි ගෙන්වා ගැනීමට අවශ්‍ය බව පැවැසෙන අවස්ථාවක මුදල් දුන් බව පවසා මගහරින්නට ඒජන්සිකරුවන්ට අවස්ථාව නොමැතිවනු ඇතැයි ද කාර්යංශය කියයි. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS