වස විෂ නැති අලුත් බර්ගර් එකක්



පොළොස් සහ හතු යොදාගනිමින් වස විෂ නොමැති ‘බර්ගර්’ එකක් හඳුන්වාදීමට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමත්ව සිටිති.

බොහෝ දෙනකු ක්ෂණික ආහාරවලට යොමු වන කාලයක වස නොමැති සහ නීරෝගී ආහාර වෙත ජනතාව යොමු කිරීමේ ප්‍රයන්තයක් ලෙස එම සිසුන් පිරිස මේ කෙරෙහි අවධානය යොමු කර ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ තෙවැනි වසරේ සිසුන් පිරිසක් සිය කණ්ඩායම් ව්‍යාපෘතිය වෙනුවෙන් මෙලෙස වස විස නොමැති ආහාරයක් නිෂ්පාදනය කිරීමට යොමු ව ඇත.

‘බර්ගර්’ බනිස් නිපදවා ඇත්තේ කුරක්කන් පිටිවලින් බවත් ඒ මැදට පොළොස් සහ හතු එකතු කර ඇති බවත් එම සිසුහු පිරිස පවසති.

ශරීරයට කිසිදු අගුණයක් නොමැති මෙම නව බර්ගර් ආහාරය ඉදිරියේදී ඇණවුම් කළ හැකි බව ද එම සිසුහු පිරිස කියති. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS