ලියාපදිංචි වූ විගමණික ශ‍්‍රමිකයන්ට පමණක් විශ‍්‍රාම වැටුප් ලබා දීමට පියවර



විදේශ ගත වූ ශ‍්‍රමිකයන් වෙනුවෙන් ඉදිරියේ දී සකස් කෙරෙන විශ‍්‍රාම වැටුප හිමි වන්නේ ශ‍්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ලියාපදිංචි වූ විගමණික ශ‍්‍රමිකයන්ට පමණකැයි විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවැසුවාය. 

මේ වන විට ශ‍්‍රමික සුරැකුම වැඩ සටහන යටතේ ශ‍්‍රමිකයන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සිදු කරමින් පවතින බවද අමාත්‍යවරිය කීවාය. 

 මේ වසර තුළ විගමණික ශ‍්‍රමිකයින් සඳහා විශ‍්‍රාම වැටුප කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවද ඇය කීවාය. 

එම විශ‍්‍රාම වැටුප හිමිවන්නේ ඒ පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනය වනවිට විදේශ රැකියාවල යෙදෙන්නන් හා එදිනෙන් පසුව විදේශ රැුකියාවන්ට යන  ශ්‍රී ලාංකිකයන්ට පමණකැයි ද අමාත්‍යවරිය ප‍්‍රකාශ කළාය. 

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ, ශ‍්‍රමික සුරැුකුම ජංගම සේවා වැඩසටහන යටතේ, පොළොන්නරුව දිස්ති‍්‍රක්කයේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පැවති උත්සවයට ඉකුත් දා  එක්වෙමිනි. 

 

 විනීතා එම් ගමගේ


RECOMMEND POSTS