ලාංකිකයින් 915කට ද්විත්ව පුරවැසිභාවය



විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් 915 දෙනෙකු සදහා ද්විත්ව පුරවැසි සහතික පත් ලබාදුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි .

විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල “සුහුරුපාය” ශ්‍රවණාගාරයේ දී එම සහතික පත් ප්‍රදානය කර ඇත.

ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය, නවසීලන්තය, ඩෙන්මාර්කය සහ ස්විඩනය ඇතුළු රටවල් කිහිපයක පුරවැසි බව ලබා සිටින ශ්‍රී ලාංකිකයින්ට ද්විත්ව පුරවැසිභාවය හිමිවු බව වාර්තා වෙයි.

2015 මාර්තු මස 23 වන දින සිට පුද්ගලයින් 36,080දෙනෙකු සදහා අවස්ථා 23කදී ද්විත්ව පුරවැසි සහතික පත් ප්‍රදානය කර ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS