ලාංකිකයින් කටුනායකට !



විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු  හා අමෙරිකා එක්සත් ජනපදයේ ,ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු රැගෙන එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා දෙකක් ඊයේ (22) සහ අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ඇමෙරිකාවේ සිට පැමිණි මෙම ගුවන් මගීන් පිරිස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට ඍජු ගුවන් ගමන් පහසුකම් නොමැති බැවින් ඔවුන් ඩුබායි ගුවන් තොටුපළ වෙත පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණි.

ඔවුන් ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ- 2528 දරන විශේෂ ගුවන් යානයෙන් අද ( 23) දින අලුයම 4.47 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණි.

මේ අතර විදේශීය නැව් සමාගම්වල සේවය කිරීම සඳහා ඉන්දීය ජාතිකයින් 151 දෙනෙකු ඊයේ (22) රාත්‍රී කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණි බව පැමිණි අතර  නාවිකයින්ගෙන් 11 දෙනෙකු කටාර් රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත අතර සෙසු නාවිකයින් 140 දෙනා කොළඹ වරායේ නැංගුරම්ලා ඇති නැවක සේවය කිරීම සඳහා පැමිණ තිබේ.

ඔවුන් සියලුදෙනා පී.සී.ආර්.පරීක්ෂණයකට ද ලක් කර තිබේ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS