ලංකාවේ සහාය ස්පාඤ්ඤයට



ස්පාඤ්ඤයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩත්වයට ශ්‍රී ලංකාවේ ඒකාන්ත සහාය හිමිවන බව ශ්‍රී ලංකා රජය කියා සිටි .

ස්පාඤ්ඤයෙන් වෙන්ව නිදහස් රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට "කැටලන් ප්‍රාදේශීය පාර්ලිමේන්තුව කළ ඒකපාර්ශ්වික නිවේදනය" සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ශ්‍රී ලංකා ආණ්ඩුවකැටලෝනියාව ස්පාඤ්ඤයට අනුබද්ධ කලාපයක් ලෙස සලකන බව අවධාරණය කරයි.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවය.

එමෙන්ම යුරෝපා සංගමය හා ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතාවල දී ස්පාඤ්ඤය එහි වැදගත් සාමාජික රටක් ලෙස සලකන බවත් ශ්‍රී ලංකා රජය අවධාරණය කර සිටී.

නීතියේ ආධිපත්‍යට සහ ස්පාඤ්ඤ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යමින් එක්සත් ස්පාඤ්ඤයක් වෙනුවෙන් සංවාදයකට මුල පුරන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලා  සිටී.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS