මෝදි සුබ පතයි



ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සංවත්සරය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා ඇත.

දෙරටට පොදු භාෂාමය, ආගමික සහ සංස්කෘතික සම්ප්‍රදාය මත පදනම් වූ සියවස් ගණනක් පැරණි ගැඹුරින් මුල් බැසගත් සබඳතා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදි සිහිපත් කර ඇත.

මැතිතුමා මෙහිදී අවධාරණය කළේය. පසුගිය වසර තුළ කොවිඩ්-19 වසංගතයට එරෙහිව එක්ව සටන් කිරීම ඇතුළු අනෙකුත් අංශයන් තුළ දෙරට අතර පැවති සහයෝගීතාවය ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදි සිහිපත් කර ඇත. දෙරට අතර පවතින ශක්තිමත් සබඳතා ඉදිරි වසර වලදී වඩාත් ශක්තිමත් වේවා යි සහ එම සබඳතා දෙරට ජනතාවගේ ප්‍රගතිය සහ පොදු සෞභාග්‍යය උදෙසා ඉවහල් වේවා යැයි ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවුඩය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නායකත්ව මට්ටමෙන් සිදුවන නිරන්තර අන්තර්ක්‍රියා ඉදිරියට ගෙන යාමක් වන අතර එවැනි අන්තර්ක්‍රියා කොවිඩ්-19 වසංගතය විසින් මතු කර ඇති අභියෝග හමුවේ වුව ද සංවර්ධන සහයෝගීතාවය, වෙළ ඳ සහ ආර්ථික සබඳතා සහ ජනතාව අතර සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය කිරීමට උපකාරී වී ඇතැයි ද මේ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්විණි.


RECOMMEND POSTS