මෙවර හජ් කෝටාව වැඩි වෙයි !



අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද නව හජ් කමිටුව සවුදි අරාබියේ සංචාරයේ දී ශ්‍රී ලංකා මුස්ලිම්වරුන් සඳහා වැඩි දියුණු කරන ලද හජ් කෝටාවක් ලබා ගනිමින් විශිෂ්ට කාර්යයක් ඉටුකර ඇති බව, හිටපු අමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා පැවසීය.

මුස්තාපා මේ බව පැවසූවේ, ඉරිදා කොළඹට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් හජ් කමිටුව පිළිගැනීම සඳහා ය.

හජ් කමිටුවේ නායකත්වය මාජන් අස්මි විසින් හජ් සහ උම්රා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අබ්දුල් සුලෙයිමාන් මාෂාට් සමඟ මක්කාවේ අලුතින් වැඩි කළ කෝටාව සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් අත්සන් කළ මර්ජන් අස්මි, ඔහුගේ අමාත්‍යාංශයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කරනු ලබයි.

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවට හජ් වන්දනාකරුවන් 3500ක ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එය කලින් වන්දනාකරුවන් 2850ක් වූ කෝටාවට වඩා වැඩි අගයකි.

සභාපති මාර්ජන් අස්මිට අමතරව, මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයින් අතර මොහොමඩ් අහ්කාම් සබ්රි උයිස්, සෙයිඩ් අහමඩ් නකීබ් මවුලානා, අහමඩ් ෆුවර්ඩ් සහ තංගා උදයාර් අබ්දුල් සතර් මෙන්ම රියාද්හි ශ්‍රී ලාංකික තානාපති මොහොමඩ් අස්මි, කොන්සල් ජෙනරාල් ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් සහ අබ්දුල් කාදර් මෂූර් මවුලානා යන මහත්වරුන් ද ශුද්ධ නගර වන මක්කාවේ සහ මදීනාහි පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා සහභාගී වූහ.

නව හජ් කමිටුවට පමණක් වෘත්තිකයන් ඇතුළත් කිරීමෙන් අගමැතිවරයා නිවැරදි බව ඔප්පු කළ බව මුස්තාපා මහතා පැවසීය.

“කිසිදු දේශපාලනඥයෙකු නොමැතිව කමිටුව විශිෂ්ට කාර්යයක් ඉටු කළේ යැයිද මුස්තාපා මහතා තවදුරටත් අවධාරණය කළේ ය.

මර්ජන් අස්මි සහ ඔහුගේ කණ්ඩායම ඔවුන්ගේ දිරිගන්වන කාර්ය සාධනය වෙනුවෙන් සුබ පැතූ මුස්තාපා, ඉදිරි මාසවල දී මෙරට ඉස්ලාම් බැතිමතුන් සඳහා ආකර්ශනීය හජ් උත්සවයක් සකස් කරනු ඇතැ යි අපේක්ෂා කළේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS