බී.ජේ.පී. පක්ෂ කාර්යාලයක් ලංකාවේ?



‘බී.ජේ.පී.’ හෙවත් ‘භාරතීය ජනතා පක්ෂ’ කාර්යාල ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ යෝජනාවකට අනුව, ශ්‍රී ලංකාවේත් නේපාලයේත් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ද වන අමිත් ෂා පවසා ඇත.

ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ පවසා ඇත්තේ ඉන්දියාවේ පැවැති මහජන සමුළුවකදී යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අමිත් ෂා පවසා ඇති ආකාරයට, ශ‍්‍රී ලංකාව සහ නේපාලය තුළ භාරතීය ජනතා පක්ෂ ශාඛා ස්ථාපනය කිරීමෙන් පසු ඔවුන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ද සූදානම් වෙයි.

භාරතීය ජනතා පක්ෂය ගෝලීය පක්ෂයක් බවට පත්කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ද අමිත් ෂා වැඩි දුරටත් පවසා තිබේ.

අමිත් ෂා කළ ප‍්‍රකාශය ප‍්‍රාන්ත මට්ටමින් බී.ජේ.පී. නායකයන් අතරේ නොසන්සුන්තාවක් ඇති කිරීමට සමත් වූ බව ද ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.

මේ අතර, අසල්වැසි රටවල පක්ෂ කාර්යාලය හෝ පක්ෂයේ ශාඛා කාර්යාල හෝ පිහිටුවීම සම්බන්ධයෙන් තමන්ගේ කැමැත්තක් නැතැයි ප‍්‍රාන්ත බී.ජේ.පී නායකයෝ පවසති.

තමිල්නාඩු මහ ඇමැති කේ. පලනීස්වාමී සහ ඔහුගේ දෙවැනියා වන ඕ පනීර් සෙල්වම්ගේ මැදිහත්වීමෙන් චෙන්නායි නුවර පැවැති ජන හමුවකට, අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී විය.

ඒ, ‘ ඕල් ඉන්දියා අන්නා ද්‍රවිඩ මුනේත‍්‍ර කසාගම්’ පක්ෂයේ සහ භාරතීය ජනතා පක්ෂයේ සංධානගතවීම තහවුරු කරමිණි.  ශ්‍රී ලංකා දෙමළ වැසියන්ගේ සුබසාධනය වෙනුවෙන් තමන් කැපවී සිටින බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය මෝදි, තමිල්නාඩු මහ ඇමැතිවරයාට අවධාරණය කර ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.


RECOMMEND POSTS