පළමු විදෙස් සංචාරය ඉන්දියාවට



තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා ඉන්දියාවේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.කේ. සිංග් මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළට පැමිණ සිටි අතර ඉන්දියාවේ සාම්ප්‍රදායික බෙරවාදන මධ්‍යයේ ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයක් මත ඉන්දියාවේ සංචාරය කරන අතර මෙම සංචාරය ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයයි.


RECOMMEND POSTS