පසුබිම් වාර්තා අහෝසි කරන්න



විදේශ රැකියා සදහා යන කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය වූ පවුල් පසුබිම් වාර්තාව ප‍්‍රශ්න රැුසකට මුල් වී ඇති බැවින් එය ඉක්මණින්ම අහෝසි කරන්නැයි බලපත‍්‍රලාභී විදේශ රැුකියා නියෝජිතායතන හිමියන්ගේ සංගමය (ඇල්ෆියා) රජයෙන් ඉල්ලීමක් කරයි.

මේ වනවිට විදේශ රැුකියා කර්මාන්තය මෙම නීතිය හේතුවෙන් කඩාවැටීමකට ලක්ව පවතින බව ද එම සංගමය කියයි.
විදේශ රැකියාවන්හි නියුතුවූවන් විසින් වාර්ෂිකව මෙරටට එවනු ලබන මුදල මිලියන 8000 සිට මිලියන 6500 ක් දක්වා අඩු වී ඇති බවත් එයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ මෙසේ දැඩි නීති රීති පැනවීම හේතුවෙන් නීත්‍යානුකූල අන්දමින් කාන්තාවන් විදේශ ගතවීම අඩුවීම බවත් බලපත‍්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන හිමියන් ගේ සංගමයේ සභාපති ඒ ඒ හසන් මහතා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ වනවිට ඩොලරය රුපියල් 164.80 ක් දක්වා ඉහල ගොස් ඇති බවත් එයට හේතුව ද මෙම කර්මාන්තය කඩාවැටීම බවත් හසන් මහතා පැවැසීය. මාධ්‍ය හමුව ඇමතූ ඇල්ෆියා සභාපතිවරයා මෙසේ ද කියා සිටියේය.

2013 වසරේ මේ නීතිය හ`දුන්වා දුන්නේ ගෘහ සේවිකා රැුකියා ස`දහා යන කාන්තාවන් ස`දහා පමණයි. එහි අරමුණ වුණේ අවුරුදු පහට අඩු දරුවන් සිටින කාන්තාවන් ගෘහ සේවිකා රැුකියා ස`දහා  යාම වැලැක්වීමයි. එය පැනවීමේ අරමුණ යහපත් එකක්.

නමුත් 2015 දි මෙම නීතිය විදේශ ගත වන සියලූ කාන්තාවන් සදහා පැනවූවා. එහි දී අවිවාහක කාන්තාවන්ට ද බලපැවැත්වෙන පරිදි එය ක‍්‍රියාත්මක කළා.

මේ නීතිය ක‍්‍රියාත්මක වෙද්දි පවුල් පසුබිම් වාර්තාවකට අමාත්‍යංශ දහයක් බලපෑම් කරනවා. ඒකත් ප‍්‍රශ්නයක්. විදේශ රැුකියා අමාත්‍යංශයට තමන්ගේ රාජකාරිය කරගන්න ඉඩක් නැහැ.

මෙහි දී ඇඟළුම් කර්මාන්තය සදහා යන කාන්තාවන්, ගුවන් සේවිකාවන්, පිරිසිදු කිරීම් සේවාවන්හි කාන්තාවන්, පමණක් නොවෙයි වෛද්‍යවරු හෙදියන් වැනි වෘත්තිය වේදී කාන්තාවන් සදහාත් මෙම නීතිය ක‍්‍රියාත්මක වුණා. අද වනවිට ඇඟළුම් කම්හල්වලට කාන්තාවන් යවන්න මෙම නීතිය නිසා ප‍්‍රශ්න ඇති වෙලා.

මේ වනවිට කාන්තාවකට කවර හෝ විදේශ රැුකියාවකට යන්න දෙනව ද නැද්ද යන්න තීරණය කරන්නේ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉන්න සංවර්ධන නිලධාරියායි. රුපියල් පන්දහසක අල්ලස් ගත්තු මේ අය දැන් ලක්ෂ දෙක දක්වා අල්ලස් ගන්නවා. විශාල පිරිසක් කාර්යංශයෙන් වැඩ තහනමට ලක්කරලා.

අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරු විදේශ ගත වන එක වැළැක්වීමට අපිත් එකඟයි. නමුත් නීති තද කරන්න කරන්න හොරකම් වංචා වැඩිවෙනවා. මේ වනවිට ගැටළු රැුසක් මේ තුළින් නිර්මාණය වෙලා.

දැන් මේ නිති නිසා කාන්තාවන් ගෘහසේවයට යන්නේ හොර පාරේ විසිට් වීසාවලින්. දැන් ජාවරම්කරුවන් විසින් ගෘහසේවිකාවන් රට යවන්නේ. රජයට අයවිය යුතු ආදායම් ලැබෙන්නේ නැහැ. විනිමය නිසි ලෙස රටට එන්නේ නැහැ. විසිට් වීසාවලින් විදේශ ගතවුණ කාන්තාවන් ප‍්‍රශ්නවලට මුහුණ දෙනවා. රටක් ලෙස අපකීර්තියට පත්වෙනවා කීර්තිනාමය අහිමි වෙනවා. මිනිස් ජාවාරම පවතින රටක් ලෙස දර්ශකවලින් උඩට එනවා.

මේ සියල්ලට මුල පවුල් පසුබිම් වාර්තාවයි. එය ඉවත් කරන්න කියලයි අපි රජයට බලකර සිටින්නේ. දිස්ත‍්‍රික් විසිපහක ප‍්‍රාද්ශිය ලේකම් කාර්යාල 338 ක් තූල පවතින ග‍්‍රාමනිලධාරි වසම් 14000 ක කුඩා ගම්මාන 38000 ක් ලංකාවේ තිබෙනවා. ග‍්‍රාමනිලධාරිවරයෙක් ගමේ සියලූම ගෙවල් හා එහි නිවැසියන් ගැන දන්නවා. ඉතින් ග‍්‍රාම නිලධාරි සහතිකයක් ප‍්‍රාද්ශිය ලේකම් සහතික කර ලබාගෙන ඉන් පසු දිවුරුම් සහතිකයක් විදේශ ගත වන කාන්තාවගෙන් ලබා ගත්තාම මදි ද? මේ වගේ සරල ක‍්‍රමවේදයක් අනුගමනය කරන්න කියලයි අපි ඉල්ලන්නේ.’’ යැයි ද හසන් මහතා පැවැසීය.

ඇල්ෆියා උපලේකම් හිරාන් රත්නායක, කමිටු සාමාජිකයින් වන යහියාර් ඛාන්,මොහමඩ් න්ස්ලින්  යන මහත්වරු ඇතු`ඵ කමිටු සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS