නෝර්වේ විදේශ අමත්‍යාංශ රාජ්‍ය ලේකම් එයි



ශ්‍රී ලංකාවේ දෙදින නිළ සංචාරයක් සඳහා නෝර්වේජියානු විදේශ සබඳතා පිළිබඳ අමාත්‍යාංශයේ  රාජ්‍ය ලේකම් මැරීයන් හේගන් මහත්මිය ඊයේ (5) දිවයිනට පැමිණියාය.

මෙම නිල සංචාරයේදී නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ මුදල් අමාත්‍ය තිලක් මාරපන යන මහත්වරුන් හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පවත්වන බව ශ්‍රි ලංකාවේ නෝවේජියානු තානාපති කාර්යාලය නිවේදනය කර සිටී.

මීට අමතරව මැරීයන් හේගන් මහත්මිය අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ  සහ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන් මෙන්ම සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාව සමඟද සාකච්ඡා කිරිමට නියමිතයි.

නෝවේජියානු රජයේ අනුග්‍රහයෙන් උතුරු පළාතේ බිමිබෝම්බ ඉවත් කරන ප්‍රදේශවලද ඇය සංචාරය කිරීමට සැළසුම් කර තිබෙන බවද මෙරට නෝර්වේජියානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටී.

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS