දේහය ඉදිරි සතියේ දිවයිනට



සෞදියේ සේවය කළ නිවසේ උඩු මහලෙන් ඇද වැටී ඉකුත් නොවැම්බර් 11 දා මියගිය දඹුල්ලේ නෙල්කා දීපානි කුමාරසිරි ගේ දේහය ඉදිරි සතියේ දිවයිනට ගෙන්වා ගැනීම සඳහා කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.

එම මෘත ශරීරය ගෙන්වා ගැනීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ලබාදුන් බව කාර්යංශයේ ජ්‍යෙශ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

නෙල්කා දීපානි මහත්මිය 2011.11.17 දින ගෘහ සේවිකාවක වශයෙන් රැකියාව සඳහා සෞදි අරාබියට ගොස් ඇති අතර වසර දෙකක සේවා කාලය ඉක්මවීමෙන් පසු තවත් වසරක කාලයක් එම නිවසේ හාම්පුතාගේ ඉල්ලීම මත ඇය රැකියාවේ නිරතවී තිබේ.

නිවසට එන්නට නොදෙන බැවින් ඇය සේවය කළ නිවසෙන් පැන යාමට තැත් කළ අවස්ථාවේ උඩු මහලින් වැටී ඇති අතර එසේ ඇද  වැටුණු 2015 අගෝස්තු දහ වැනිදා සිට ඉකුත් නොවැම්බර් 17 වැනිදා දක්වා සෞදියේ කින්ග් කාලිඞ් රෝහලේ ප්‍රතිකාර ලැබුවාය.

ගිවිසුම් කාලය ඉක්මවා ඇති බැවින් ඇය දිවයිනට ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඇයගේ දියණිය විසින් 2014.12.31 දින කාර්යාංශයේ පැමිණිල්ලක්ද ගොනුකර තිබු අතර ඒ පිළිබඳ විමර්ශන කටයුතු කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇතැයි කාර්යංශය  කියයි. 

ඇය එහි ප්‍රතිකාර ගනිමින් සිටියදී 2017.11.11 දින මරණයට පත්ව තිබේ. ඇයගේ දේහය දිවයිනට ගෙන්වා දෙන ලෙස ඉල්ලා 2017.11.14 දින ඇයගේ පුත්‍රයා විසින් කාර්යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව ඇයගේ දේහය දිවයිනට ගෙන්වා ගැනීම සඳහා සෞදි රියාල් 11700ක මුදලක් (රු.477,507.42) ක මුදලක් වැය වන බව ජෙඩා කොන්සල් කාර්යාලය මගින්  කාර්යාංශයට දැනුම් දී තිබේ. එම දේහය දිවයිනට ගෙන්වා ගැනීමට වැය වන මුදල කාර්යාංශයේ සේවක සුභසාධක අරමුදල මගින් ලබාදෙන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් කාර්යාංශයේ නිළධාරීන්ට උපදෙස් ලබාදන් බවද එම නිලධාරියා  කීය.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS