දේශසීමා ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නෑ



නීතිවිරෝධී ලෙස බෝට්ටු වලින්  ඕස්ටේ‍්‍රලියාවට ගමන් කරන සංක‍්‍රමණිකයින් සම්බන්ධයෙන් පවතින දේශසීමා ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නොමැති බවත්, එලෙස පැමිණීමට උත්සාහ කරන්නන්ට  ඕස්ටේ‍්‍රලියාව තුළ කිසිදු ඉඩක් නැතැයි  එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවසීය.

පවතින නීතිය යටතේ  නීතිවිරෝධී බෝට්ටු නැවත ආපසු හරවා යවා , සියලූම නීතිවිරෝධී සංක‍්‍රමණිකයින් ජීවිතාන්තය දක්වා තහනමට ලක්වනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

සිය ශ්‍රී ලංකා නිල සංචාරය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා කොළඹ 07, හෝර්ටන් පෙදෙසේ පිහිටි  ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් නිල නිවසේ පසුගිය 4 වැනිදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඕස්ටේ‍්‍රලියා ස්වදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඕස්ටේ‍්‍රලියා රජය විසින් ක‍්‍රියාත්මක නීතිවිරෝධී සංක‍්‍රමණිකයින්ට කිසිදු අවස්ථාවක් නොමැත යන තේමා පාඨයෙන් යුතු ‘සීරෝ චාන්ස් යන වැඩසටහන එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ නිල වශයෙන් දියත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය පීටර් ඩට්න් මහතා කියා සිටියේ  ඕස්ටේ‍්‍රලියා දේශසීමා ප‍්‍රතිපත්ති ලිහිල් වී ඇති බව මිනිස් ජාවාරම්කරුවන් පැවසුවහොත් එය විශ්වාස නොකරන ලෙසත් , මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරන ප‍්‍රචාරය කරන දේවල් වලට  මුලා නොවන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

පසුගියදා මැයි 29 වැනිදා   ඕස්ටේ‍්‍රලියාවට එලෙස පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමටත්, නීතිවිරෝධී ලෙස බෝට්ටුවෙන් පැමිණෙමින් සිටි තවත් පුද්ගලයින් 41 දෙනෙකු ඉන්දීය සාගර සීමාවේදී  ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නැවත හරවා යැවීම මීට කදිම උදාහරණයක් යැයි හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

පසුගිය  වසර පහක තුළ බෝට්ටු වලින් නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ බොහෝ පිරිස් නැවත හරවා යැවීමට කටයුතු කළ බවත්,  ඕස්ටේ‍්‍රලියාව දේශසීමා ආරක්ෂාව තර කර ඇති බැවින් ශ‍්‍රී ලංකිකයන් මෙසේ නීතිවිරෝධී ලෙස පැමිණීම තම  ජීවිත අනතුරට පත්කර ගැනීමක් බවත්, කලාපීය රටවල් හවුල්කර ගනිමින් මෙවැනි මිනිස් ජාවාරම් නැවැත්වීමට අඛණ්ඩව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන බව  ඕස්ටේ‍්‍රලියානු ස්වදේශ අමාත්‍යවරයා පෙන්වා දේ.

මේ අතර මෙරට සිදු කළ සංචාරයේදී තමන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් හමුවූ බවත් , එහිදී ත‍්‍රස්තවාදය තුරන් කිරීම , නීතිවිරෝධී සංක‍්‍රමණ ආදී ක්ෂේත‍්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සම්බන්ධතා හුවමාරු කර ගත් බවද හෙතෙම කියා සිටියේය.

මෙහිදී  ඕස්ටේ‍්‍රලියාවට නීතිවිරෝධී ලෙස සංක‍්‍රමණය පුද්ගලයින් එරෙහිව සිය මෙහෙයුම් ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්  ඕස්ටේ‍්‍රලියාවේ දේශ සීමා මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි සහ ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ  ඕස්ටේ‍්‍රලියා මහකොමසාරිස් ඬේවිඞ් හෝලි යන මහත්වරුන්ද මෙහිදී කෙටි අදහස් දක්වන ලදී.

( තිළිණි ද සිල්වා )
ඡායාරූප ‐ චතුර එස්.කොඩිකාර


RECOMMEND POSTS