දූ දරුවන්ට ශිෂ්‍යත්ව



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියාවලට ගිය  ලාංකික ශ්‍රමිකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව සඳහා මේ වසරට අදාළව අයදුම්පත් කැදවා ඇත.

මෙම ශිෂ්‍යත්ව හිමිවීම සඳහා අවශ්‍ය සුදුසුකම්, අයඳුම්පත් එවිය යුතු ආකාරය, අදාළ අයදුම්පත ඇතුළු වැදගත් තොරතුරු රැසක් සිංහල හා දෙමළ භාෂාවෙන් කාර්යාංශය සිය නිල වෙබ් අඩවියේ පලකර ඇත.

ඔබත් විදෙස්ගතව සේවය කරන අයෙක් නම් ඔබගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව හිමිවීමේ සුදුසුකම් සපුරා ඇත්නම් විස්තර පත්‍රිකාවේ සඳහන්  තොරතුරු අනුව කඩිනමින් අයඳුම්පත් යොමු කරන්න.

සම්පූර්ණ විස්තර ඇතුළත් තොරතුරු පත්‍රිකාව එම වෙබ් අඩවියෙන් බාගත කර ගැනීමට හැකිය.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS