තොරතුරක් නෑ



කුවේටයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති කේ. එල්. ඉනෝකා සාගරිකා මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කහව, වේරගොඩ, මහවෙල පාර ලිපිනයේ පදිංචිව සිටි ඉනෝකා මහත්මිය 2011.04.01 දින කුවේට්  රාජ්යසය බලා පිටත්ව ගොස් ඇති අතර, ඉන් අනතුරුව ඇය පිළිබදව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ. ඇය පිළිබදව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112878244/ 0114380954 යන දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස ඉල්ලා සිටී.

විනීතා එම්. ගමගේ


RECOMMEND POSTS