තොරතුරක් නැති ලාංකික ශ්‍රමිකයින් සොයන්න සහය ඉල්ලයි



ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා පිටත්ව ගිය, මේ වනවිට කිසිදු තොරතුරක් නොමැති ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව තොරතුරු සොයාගැනීම සඳහා මහජන සහය අවශ්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ජෝර්දානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගිය පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා එම කාර්යාංශය මහජන සහය පතයි.

ජෝර්දානය වෙත 2012 ජනවාරි 20 වැනි දින පිටව ගොස් ඇති  පී. කේ. තනීජා මහත්මිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කරුණු සොයමින් පවතින අතර ඇය මඩකලපුව චෙන්කලාඩි අම්මාන්කුලම් පුතුක්කොළනි ප්‍රදේශයේ පදිංචිකාරියක බව ඔවුහු පවසති.

කුරුණෑගල වැල්ලව ගිනිකරාව ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එම්. සිසිර බණ්ඩාර මහතා 2013 ජනවාරි 15 දින එක්සත් ආරාබි එමීර් රාජ්‍ය වෙත ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බවද එම කාර්යාංශය පවසයි.

මෙම පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නා අයෙකු වේ නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමථ 111 අංශයේ 0112-864136 යන දුරකතන අංකය වෙත දැනුම් දෙන්නැයි කාර්යාංශය සඳහන් කරයි.


RECOMMEND POSTS