ගුවන් තොටුපොළට යන්න අවසර



මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි රජය විසින් ඊයේ (20) පස්වරු 6.00 සිට 23 පෙරවරු 6.00 දක්වා (ශ්‍රී ලංකා වේලාවෙන්) ඇඳිරි නීතිය පනවා තිබෙන කාල සීමාව තුළ ශ්‍රීලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පවසයි.

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිළධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS