ගුවන් තොටුපලේ කාර්යංශ කවුළුව වසාදමයි



කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ‍්‍රයේ පිහිටි ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේ කවුළුවෙහි කටයුතු, ජනවාරි මස 01 වන දින සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත. 

ගුුවන්තොටුපොල නවීකරණය කිරීම හේතුවෙන් මෙම කවුළුව තාවකාලිකව වසා දැමුණු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 

මේ අනුව විදේශ රැකියා සදහා පිටත්වන ශී‍්‍ර ලාංකිකයින් සඳහා කාර්යාංශයේ ලියාපදිංචිය හා ලියාපදිංචිය අලූත් කර ගැනීමේ කටයුතු ප‍්‍රධාන කාර්යාලයෙන් හෝ කාර්යාංශයේ ප‍්‍රාදේශීය කාර්යාල ම`ගින් සිදු කරගත හැක.

විදේශ රැුකියා සඳහා යාමට බලාපොරොත්තුවන ශ‍්‍රමිකයින් හට ළ`ගම කාර්යාංශ කාර්යාලය මගින් ලියාපදිංචිය සිදුකරගෙන විදේශ රැුකියාවට පිටත්වීම සඳහා ගුවන්තොටුපොලට පැමිණෙන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි. 

 

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS