කෙටි සංචාරයකට ආ සෞදි කුමරු



කෙටි නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අල්වලීඞ් බින් තලාල් අබ්දුල් අසීස් අල්සෞද් සෞදි රජකුමරු හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව හා සෞදි රජය අතර රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු ශක්තිමත් කර ගැනීමට අදාළ කරුණු වලට මෙහිදී අවධානය යොමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞදි රජ කුමරු සමඟ පැමිණි එකොළොස් දෙනෙකු ගෙන් සමන්විත දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැය භාගයක පමණ වේලාවක් සාකච්ඡා කළයේය.

මෙම අවස්ථාවට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

විදේශ අමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව සෞදි රජකුමරු ඇතුළු දූත පිරිස මෙරට සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට ළගාවූ අබ්දුල් අසීස් අල්සෞද් කුමරු ගුවනින් කොළඹ පැමිණ  ජනාධිපතිවරයා සමඟද ද්විපාර්ශවික සාකච්ඡුා පැවැත්වීය.

සෞදි රජ පවුලේ සාමජිකයෙකු වන අල්සෞද් කුමරු එරට ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ අයෝජකයෙකුද වන අතර මෙරට පැය 4කට ආසන්න කාලයක් රැඳී සිටීමෙන් පසුව සෞදි කුමරු ඇතුළු දූත පිරිස යළි දිවයිනෙන් පිටත්ව ගියේය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS