කාන්තාවෝ 60 ක් ආපසු එති



කුවේටයේ රැකියාවලට ගොස් විවිධ හිරිහැරවලට ලක් වූ කාන්තාවන් 60 දෙනෙකු දිවයිනට පැමිණි බව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කරයි .

මෙලෙස පැමිණි අය අතර එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක සුරක්ෂා නිවාසයේ රැඳී සිටි කාන්තාවන් 45 දෙනෙකුද  , තවත් කාන්තාවන් 15 දෙනක්  කුවේට් රාජ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේත්තුව භාරයේ සිටි පිරිසක් යැයිද එම තානාපති කාර්යාලය කියා සිටී.

ඔවුන් අද (22) උදෑසන 6.40 ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ ඇත.

දිවයිනට ගෙන්වූ කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී පෙරොන්දු වූ පරිදි වැටුප් නොලැබීම ,හාම්පුතුන් ගේ විවිධ හිංසනයන්ට ලක්ව රැකවල් පතා තානපති කාර්යාලයට පැමිණි පිරිස් වෙති.

මීට අමතරව  තවත් ලාංකික ශ්‍රමික කාන්තාවන් 173 දෙනෙකු කුවේටයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටින බව ද එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS