ක්‍රෙඩිට්කාඞ් ජාවාරම්කරුවෝ කොටුවෙති



ව්‍යාජ ක්‍රෙඩිට් කාඞ්පත් ජාවාරමක නිරතවී ලාංකිකයෙකු ඇතුළු තවත් පුද්ගලයින් තිදෙනෙක් ව්‍යාජව සැකසූ ක්‍රෙඩිට් කාඞ් 144 ක් සමඟ ඉන්දීය ආරක්ෂක අංශය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මීට වසර කිහිපයකට පමණ පෙර යාපනයේ පදිංචිව සිට ඉන්දියාවට නීති විරෝධීව සංක්‍රමණය වූ දිව්යාන් නම් ලාංකික පුද්ගලයෙකි.

සැකකාර ලාංකිකයා තවත් ඉන්දීය පුද්ගලයින් තිදෙනෙකු සමඟ එක්වී මෙම ක්‍රෙඩිට් කාඞ්පත් ජාවාරම සිදුකර තිබෙන අතර විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඞ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඞ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ සෝදිසි මෙහෙයුම් වලදී ව්‍යාජව සකසන ලද ක්‍රෙඩිට් කාඞ්පත් 144ක් සොයා ගෙන තිබෙන අතර ව්‍යාජ කාඞ්පත් භාවිතාකර අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

මෙම පිරිස සම්බන්ධයෙන් ඉන්දීය සයිබර් අපරාධ පොලීසිය වැඩිදුරටත් විමර්ෂණ කටයුතු දියත්කර ඇති බව වාර්තා වේ.

විනීතා එම් ගමගේ

 


RECOMMEND POSTS