කලට වෙලාවට වැටුප් දෙන්න



ඕමාන් මිනිස් බල අමාත්‍යාංශය විසින් එරට ඕමානයේ සේවයේ නියුතුව සිටින දෙස් විදෙස් සියළුම ශ්‍රමිකයින්ගේ  වැටුප් කලට වේලාවට ලබා දීමේ අරමුණු ඇතිව නව වැටුප් ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දිමට එරට මිනිස් බල අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

මෙලෙස අලුතින් හඳුන්වා දී ඇති සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමයට අනුගත වීම සඳහා පෞද්ගලික අංශයේ සියළුම සේවායෝජක ආයතනවලට අමාත්‍යංශය විසින් මාස 03ක කාලයක් ලබා දී ඇත.

මෙමඟින් කිසිඳු ප්‍රමාදයකින් තොරව සේවකයින්ට සිය මාසික වැටුප් ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර සේවක වැටුප් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක්ද නව සූත්‍රයක් යටතේ ක්‍රියාත්මක වෙයි.

මෙම ක්‍රියාවලියේදී ඕමාන් මිනිබල අමාත්‍යාංශය හා ඕමාන් මහ බැංකුව සහයෝගයෙන් කටයුතු කරන අතරම දැනටමත් අමාත්‍යාංශය විසින් සේවක වැටුප් ආරක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සියළුම පෞද්ගලික අංශයේ සමාගම් දැනුවත් කිරීම සඳහා පියවර ගෙන තිබේ.

විනීතා එම් ගමගේ


RECOMMEND POSTS