ඕමානයේ සිට සෘජු ගුවන් ගමන්



ඕමානයේ සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අද (25) සිට ආරම්භ විය. ඒ සලාම් ගුවන් සේවයට අයත් පළමු මගී ගුවන් යානයේ පැමිණීමත් සමඟය.

ගුවන් යානය අද උදෑසන 8 ට කටුණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය. යානය උදෑසන 9.10 ට ඕමානයේ මස්කට් නුවර බලා යළි ගමන් ආරම්භ කළේය.

සතියට සිවු දිනක් මෙම ගුවන් සේවය ක්‍රියාත්මක වන බව ද පැවැසෙයි.


RECOMMEND POSTS