ඕමානයෙන් පොහොර



මේ දිනවල මෙරට පැවති පොහොර හිඟයට විසඳුමක් ලෙස ඕමානයේ සිට මෙරට පොහොර මෙට්‍රික් ටොන් 48000ක් ගෙන්වීමට රජය පියවර ගෙන ඇත.

එලෙස ගෙන්වූ පොහොර තොගය රැගත් නෞකාව ඊයේ (08) උදෑසන කොළඹ වරායට ළගා වූයේය.

මෙම ඕමාන පොහොර නෞකාවෙන් දිස්ත්‍රික්ක 05කට පොහොර බෙදා හැරීම ආරම්භ කර ඇති අතර, අද (09) දිනයේදී තවත් දිස්ත්‍රික්ක 03ක් සඳහා පොහොර බෙදා හැරීමේ සිදුකරන බව ලංකා පොහොර සමාගම පවසනවා.



මින් ඉදිරියට රට තුළ පොහොර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ලංකා පොහොර සමාගම පවසයි. ඉදිරියේ දී තවත් පොහොර තොගයක් පකිස්ථානයෙන් ලැබීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රවී ක්‍රිෂාන් ජයවර්ධන මහතා සඳහන් කරයි.

( තිළිණි ද සිල්වා )
 


RECOMMEND POSTS