එ.ජා. තවත් කමිටුවක් ලංකාවේ



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම් සම්බන්ධ ක්‍රියාකාරී කමිටුවේ විශේෂ නියෝජිතයින් තිදෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එම පිරිස ලබන 15  වන දින දක්වා මෙරට රැඳී සිටිමින් බන්ධනාගාර, පොලිස් ස්ථාන, සංක්‍රමණික සහ විවිධ ශාරීරික ආබාධයන්ට ලක් වූ පුද්ගලයින් රඳවා සිටින ස්ථාන නිරීක්ෂණ කිරීමට නියමිතය.

එම නියෝජිත පිරිස බස්නාහිර, උතුරුමැද, උතුර, නැගෙනහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල සංචාරය කර රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජ කණ්ඩායම් හමුවීමට ද නියමිතය.

එම කණ්ඩායම ලබන 15 වනදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා තම නිරීක්ෂණ පිළිබඳව දැනුම්දීමට නියමිත බවය වාර්තා වෙයි.

ඔවුන්ගේ අවසන් වාර්තාව ලබන සැප්තැම්බර් මාසයේදි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS