එක්සත් ජාතීන්ගේ කමිටුවක් ලංකාවට



වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව අප්‍රේල් මුල් සතියේදී මෙරට සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව ඔවුන් අප්‍රේල් මස 02 වනදා සිට 12 වනදා දක්වා ඔවුන් මෙරට සංචාරය කිරීමට නියමිතය.

සිව් දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත් බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසි වාරයකදී වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට තීරණය කර තිබුණි.

ඒ අනුව දිවයිනට පැමිණෙන ඔවුන් මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ස්වාධීන ජාතික නිවාරණ යාන්ත්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව මෙම අනුකමිටුව ආර්ජන්ටිනාව සහ පලස්තීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS