ඇමෙරිකාවෙන් වෙන්ටිලේටර්



‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව ගෙන යන සටනට සහාය පළ කිරීමක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය මෙරටට අලුත්ම සහ නවීන පන්නයේ කෘත්‍රීම ස්වසන යන්ත්‍ර (වෙන්ටිලේටර්ස්) 200ක් පරිත්‍යාග කළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බාර දුන්නාය.

ඇමෙරිකා එක්සත් ජනපද රජයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය හරහා මෙම පරිත්‍යාගය සිදු කරන ලදි.

ඇමෙරිකාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර නවීනම තාක්ෂණයෙන් සමන්විතය. ප්‍රමාණයෙන් සංයුක්ත මෙම යන්ත්‍ර පහසුවෙන් යොදාගත හැකි අතර වයිරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී නම්‍යශීලි අන්දමින් කටයුතු කිරීමට හැකියාව සැලසෙන බව ද පැවසේ.


RECOMMEND POSTS