’’සොබා දහමේ ප්‍රතිචාරයක්’’ පාප් තුමා කියයි



පාරිසරික අර්බුද නොතකා හරිමින් ක්‍රියාකළ මිනිසාට සොබා දහම විසින් ලබාදෙන ප්‍රතිචාරවලින් එකක් වන්නේ කොරෝනා වයිරසය පැතිරීම යැයි ‍ෆ්‍රැන්සිස් පාප්තුමා පවසයි.

''වරින්වර සොබා දහම ලබාදුන් ප්‍රතිචාර ගැන අපි සැළකිලිමත් වුණේ නැහැ. ඕස්ට්‍රේලියාවේ ගින්න ගැන කතා කළේ නෑ. ග්ලැසියර දියවීම නිසා බෝට්ටුවකට උත්තර ධ්‍රැවය කළා යා හැකි බව අමතක කළා. ගංවතුර ගැන කතා කළේ නෑ. මේවා සොබා දහමේ පළිගැනීම් දැයි මම නොදනිමි. නමුත් ඒවා නිසැකවම සොබා ගහමේ ප්‍රතිචාර."

යැයි ෆ්‍රැන්සිස් පාප්තුමා කියා සිටියේ වතිකානුවේ ඔහුගේ නිවසේ යාඥාවක් කරමිනි.

සෑම අඟහරුවාදා ම පාපොච්චාරණයකට ගොස් මිනිසාගේ ආත්මාර්ථකාමිත්වයට සමාව ඉල්ලා සිටින බව ෆ්‍රැන්සිස් පාප්තුමා හෙළි කළේය.

එහි දී විශේෂයෙන් අදහස් දක්වමින් කියා සිටියේ නිවාස නැති අය නිරෝධායනය කළ යුත්තේ හෝටලයක මිස වාහන නවත්වන රථ ගාල් තුළ නොවන බවයි.

''දුප්පතුන් දැකිමේ හොඳම අවස්ථාව මෙයයි." ඔහු පැවසීය.

ඇතැම් දේශපාලකයන් 1933 දී හිට්ලර් සිහිපත් කරමින් දේශන පවත්වන බවත් ආර්ථිකය කෙරෙහි පමණක් අවධානය යොමු කරන පිරිසක් සිටින බවත් ඔහු පැවසීය.

''අර්බුදයට මුහුණ දීම ගැන, ලෝකය කුසගින්නේ සිටීමේ ගැටලුව ගැන කතා කරන්න. නමුත් මේ ව්‍යසනය අතරතුර ආයුධ නිෂ්පාදනය ගැන පවා අවධානය යොමුකරන අතැම් දේශපාලනඥයන්ගේ කුහකත්වය ගැන මම කනස්සල්ලට පත්වෙනවා. " ඔහු පැවසීය.

''අද මම විශ්වාස කරන්නේ අප ස්වභාවික ලෝකය තේරුම් ගැනීමට හා මෙනෙහි කිරීමට ඉගෙන ගත යුතුයි. අපගේ නිෂ්පාදන ප්‍රමාණය හා පරිභෝජනය මන්දගාමී කළ යුතුයි. අනාගතය වෙනුවේන ඔබ ගැන සැළකිලිමත් වෙමින් නිවසේ සිට තවදුරටත් නිර්මාණාත්මක දේ කෙරෙහි යොමු වෙන්න. "

යැයි ෆ්‍රැන්සිස් පාප්තුමා ඉල්ලා සිටියේය.


RECOMMEND POSTS