හෙට සිට අධිවේගී මාර්ග සියල්ල විවෘතයි



ජන ජීවිත යථා තත්ත්වයට පත්කිරීමේ පියවරක් ලෙස හෙට (11)  ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් පසු උදෑසන 7.00 සිට සියලු අධිවේගී මාර්ග විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතළුවගේ මහතා පවසයි.

පසුගිය සතියේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘතව තිබිණි. හෙට සිට කොළම කටුනායක අධිවේගී මාර්ගය සහ පිටත වටරවුම් මාර්ගය ද විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව රැකියා සඳහා පැමිණෙන රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවකයන්ට අධිවේගී මාර්ග භාවිතා කිරීමට අවස්ථාව හිමිවෙයි.

 


RECOMMEND POSTS