හජ් වන්දනා කල් දමන්න යැයි ඉල්ලයි



කොරෝනා වසංගතය පැතිරීම හේතුවෙන් වන්දනා ගමන් ප්‍රමාද කරන ලෙස හජ් වන්දනාවට සහභාගී වීමට සැලසුම් කරන මුස්ලිම්වරුන්ගෙන් සෞදි අරාබිය ඉල්ලා තිබේ.
හජ් අමාත්‍ය මොහොමඩ් බැන්ටෙන් කියා සිටියේ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව රාජධානිය සැලකිලිමත් වන බැවින් කොන්ත්‍රාත්තු අවසන් නොකර  බලා සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
හජ් වාර්ෂික මංගල්‍යය සඳහා මිලියන දෙකක පමණ ජනතාවක් එළඹෙන ජූලි සහ අගෝස්තු මාසවල මක්කම සහ මෙදිනා වෙත පැමිණීමට නියමිතව තිබිණි. 

හැකියාව ඇති මුස්ලිම්වරු ජීවිත කාලය තුළ එක් වරක් හෝ හජ් වන්දනා කළ යුතු බව ඔවුන්ගේ ආගමේ මතයයි.
කොරෝනා වෛරසය පැතිරීම අඩු කිරීමට ගන්නා පියවරක් ලෙස සාපේක්ෂව අඩු පිරිසක් සහභාගී වන උම්රා වන්දනාව දැනටමත් අත්හිටුවා ඇත.


 


RECOMMEND POSTS