සෞදිය ආසාදිතයන් 50,000 ඉක්මවයි.



සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සෙනසුරාදා (15) දිනය වනවිට 50,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෙනසුරාදා දිනයේ පමණක් නව ආසාදිතයන් 2,840ක් වාර්තා වූ බවත් එ් අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 51,980ක් දක්වා ඉහළ ගිය බවත් සෞඛය අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය.

මේ වනවිට සෞදි ආරාබියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 302කි. සෞදි අරාබියේ පළමු කොරෝනා රෝගියා වාර්තා වූයේ මාර්තු මස 02 වැනි දින දී ය.


RECOMMEND POSTS