සීමා ලිහිල් කළ රටවල ආසාදිතයන් වැඩිවෙයි



කොරෝනා පාලනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කළ රටවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති අන්තයේ දී ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාමි ගෙබෙයිසස් පවසන්නේ ගෙවීගිය සති අන්තයේ ඉදිරියේ ඇතිවිය හැකි අභියෝගවල සළකුණු දක්නට ලැබුණු බවයි. මෙහි හොඳම උදාහරණය දක්නට ලැබෙන්නේ කොරියාවෙනි. තැබෑරුම් හා සමාජශාලා ආශ්‍රිතව ආසාදිත නව පොකුරු දක්නට ලැබිණි. චීනයේ වූහාන් නගරය ද අගුලු දැමීම ඉවත්කිරීමෙන් පසු නැවත පොකුරු කිහිපයක් හඳුනාගෙන තිබේ. සීමාවන් ලිහිල් කිරීමෙන් පසු ජර්මනියේ ද ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවී ඇත.

ඔහු පවසන්නේ අගුළු පියවර ඉවත්කිරීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඒ ඒ රටවල් සඳහා සළකා බැලිය යුතු මාර්ගෝපදේශ සහ නිර්ණායක ඇති බවයි. .

''එන්නතක් සොයාගන්නා තුරු සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරමින් හැකිතාක් මේ රෝගය පැතිරීම වළක්වා ගැනීම ගැන සියලු රජයන් වගබලා ගත යුතුයි." ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසයි.


RECOMMEND POSTS