සිරියාවේ සිට පැමිණි පිරිසකට කොරෝනා



සිරියාවේ සිට ඉරාකයට ආපසු පැමිණෙන ඇතැම් ෂියා වන්දනාකරුවන් කොරෝනා - 19 ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී ඇති බැවින් එවැනි වන්දනා ගමන් රට පුරා රෝග ව්‍යාප්තියට හේතුවක් විය හැකි ව ඉරාකයේ සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ඊයේ (29) වනවිට ඉරාකයේ කොරෝනා වයිරස රෝගීන් 547ක් සහ මරණ 42ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් වාර්තා වූ යේ පසුගිය සතියේ දී ය.

සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්‍නේ පසුගිය සතියේ සිරියාවේ ෂියා දේවස්ථානයකට ගොස්  ආපසු පැමිණි බැතිමතුන් අතර කොවිඩ් - 19 අසාදිතයන් 11ක් සිටින බවයි.

''පසුගිය දින කිහිපයේ දී සිරියාවේ සිට පැමිණි සෑම කෙනෙකුම ඔවුන්ට කොරෝනා නොමැති බව තහවුරු කරගැනීම සඳහා ස්වයං නිරෝධායනය කර තිබෙනවා." යැයි ඉරාකයේ කර්බාලා හි ආණ්ඩුකාර නුසෙයිෆ් අල්-කිටාබි පවසා ඇත.


RECOMMEND POSTS