සිරියාවේ බන්ධනාගාරයක කැරැල්ලක්



ඊසානදිග සිරියාවේ පිහිටි හසාකා බන්ධනාගාරයේ බිම් මහළ එහි රැඳවියන් විසින් ඉරිදා (29) සිය පාලනයට නතුකරගෙන ඇති බවත් ඔවුන් අතරින් පිරිසක් පැන යාමට සමත් වූ බවත් සිරියාවේ රජයේ හමුදා ප්‍රකාශ කර ඇත.

‍මෙම බන්ධනාගාරය එක්සත් ජනපදයේ අනුග්‍රහය ද ඇතිව පවත්වාගෙන යන අතර ඉස්ලාමීය රාජ්‍ය සිරකරුවන් එහි රඳවා සිටියි.

මෙම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ආරක්ෂ අංශ විසින් අතිරේක භට කණ්ඩායම් එහි යවා ඇති අතර පලාගිය පිරිස් අල්ලාගැනීමේ මෙහෙයුම් ද දියත් කර තිබෙන බව බන්ධනාගාරයේ ප්‍රකාශක මුස්තෆා බාලි පවසයි.  

''බන්ධනාගාරය තුළ තත්ත්වය නොසන්සුන් වුණා. ඔවුන් පාලනය කිරීම සඳහා අපි හමුදා සහ අතිරේක භටයන් යෙදෙව්වා."

මෙම කැරැල්ල මැඩපැවැත්වීම සඳහා ගත් උත්සාහයේ දි රැඳවියන් කිහිප දෙනකු ඝාතනය වී ඇතැයි වාර්තා වී තිබේ. කැරැල්ල සිදුවනවිට බන්ධනාගාරයේ රැඳවියන් කොපමණ සංඛ්‍යාවක් සිටියේ ද යන්න පිළිබඳ අනාවරණය වී නැත.


RECOMMEND POSTS