සිරියාවට කොවිඩ් - 19 ආවොත් මහා විනාශයක්



වයඹ දිග සිරියාවේ අවතැන් කඳවුරු කොරෝනා - 19 වයිරසයෙන් දැඩි අවදානමකට ලක්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවක කණ්ඩායම් ‍පවසන්නේ යුද්ධයෙන් අවතැන් වී සිටින පුද්ගලයන් රඳවා ඇති අවතැන් කඳවුරු සඳහා සෞඛ්‍ය සේවා සැපයීම ඉතා අසීරු කරුණක් බවයි.

තවමත් සිරියාවෙන් කොවිඩ් - 19 රෝගීන් වාර්තා වී නැතත් වයිරසය ආසාදනය වුවහොත් එරට පුද්ගලයන් 100,000 ට වැඩි පිරිසක් මියයාමට ඉඩ ඇති බව ද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.


RECOMMEND POSTS