සිරකරුවන් 599කට සමාව



විවිධ වැරදි හේතුවෙන් බන්ධනාගාර ගත කර සිටි සිරකරුවන් 599 ක් සමාව දි නිදහස් කරන බව ඕමාන ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.  

එලෙස සමාව හිමිවන 366 දෙනෙක් විදේශිකයෝය.  

ඕමානයේ සුල්තාන්, හයිතම් බින් තාරික් අල්- සයිඩ් සිරකරුවන් පිරිස නිදහස් කරන ලෙස නියෝග කර ඇත.

සිරකරුවන් නිදහස් කරනේනේ කුමන හේතුවක් මතද යන්න සඳහන් කර නොමැති අතර, බොහෝදුරට කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් බන්ධනාගාරවල ඇති තදබදය අඩුකිරීම හේතුවක් විය හැක. නැතිනම් ශුද්ධ වූ රාමසාන් මාසය වෙනුවෙන් මෙම තිරණය ගන්නට ඇතැයි ද දේශපාලන විචාරකයෝ කියති.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS