වීසා නිකුත් කිරීම සීමා කරයි



කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වීසා නිකුත්කිරීම සීමා කරන බව එක්සත් ආරාබි එමීර් රාජ්‍යයත් කටාර් රජ්‍යයත් පවසයි. නව කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස වීසා නිකුත් කිරීම අත්හිටුවීමට කටයුතු කර තිබේ.

එක්සත් ආරාබි එමීර් රාජ්‍යය වීසා නිකුත් කිරීම මාර්තු 17 වැනි දින සිට අත්හිටුවීමට කටයුතු කර ඇතැයි එරට ආගමන විගමන බලධාරීන් උපුටා දක්වමින් එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. කටාර් රාජ්‍ය යුරෝපීය රවටල් කිහිපයකට වීසා නිකුත් කිරීඹ නතර කරන බව ද එරට රාජ්‍ය සන්නිවේදන කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)  

 

 


RECOMMEND POSTS