වාහන ගාල්කිරීමට ගාස්තු නෑ.



වාහන නැවැත්වීම සඳහා අයකරගනු ලබන ගාස්තු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ඕමානයේ මස්කට් නගර සභාව නිවේදනය කර ඇත.

වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම අයකිරීම් අත්හිටුවා තීබේ. ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ලබාගැනීම සඳහා නගරයේ වෙළෙඳ සැල්වෙත පැමිණෙන ජනතාවට ගාස්තු නොගෙවා සිය වාහන නතර කර තැබී‍මේ අවසරය ලැබේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)


RECOMMEND POSTS