රැවුලට හරියන මුඛ ආවරණ හදයි



ආගමික විශ්වාසයන් සහ අරමුණු වෙනුවෙවන් රැවුල් වවා ඇති ඊශ්‍රායල්වරුන්ට රැවුල් බෑමට උපදෙස් දෙනවාට වඩා ඔවුන්ට සුදුසු පරිදි විවිධ ප්‍රමාණවලින් මුඛ ආවරණ නිෂ්පාදනය පහසු බව එරට රජයේ ප්‍රකාශකයකු පැවසීය.

කොරෝනා වසංගතයෙන් වැළකී සිටීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස කට සහ නාසය හොඳින් වසාගන්නා ලෙස ඊශ්‍රායල් බලධාරීන් පසුගිය සතියේ දී ප්‍රසිද්ධයේ ජනාතට උපදෙස් දී තිබිණි.

ඊශ්‍රායලයේ බොහෝ යුදෙව්වන්, මුස්ලිම්වරු සහ සමහර ක්‍රිස්තියානි පූජකයන් තම ආගමික විශ්වාසයන්හි සළකුණක් ලෙස රැවුල් වවාගෙන සිටින අතර ඔවුන්ට මේ උපදෙස් ගැටලුවක් විය හැකිය.

සෞඛ්‍ය ආමත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඉටාමාර් ග්‍රෝටෝ මහතා පවසන්නේ මේ හේතුවෙන් මුඛ ආවරණ ඔවුන්ටත් භාවිතාකළ හැකි පරිදි ප්‍රමාණයෙන් වෙනස් ලෙස නිෂ්පාදනය කරන බවයි.

''අපි රටේ සියලුම දෙනාට භාවිතා කළ හැකි පරිදි මුඛ ආවරණ නිෂ්පාදනය කරනවා. එයින් අදහස් කරන්නේ දින කිහිපයකින් අපිප විවිධ ප්‍රමණයේ මුඛ ආවරණ නිෂ්පාදනය කරන බව. මේ නිසා රැවුල තියෙන අයටත් ඒවා භාවිතා කළ හැකියි. " අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


RECOMMEND POSTS