රැකියා හැඳුනුම්ත සහ කැඳවීමක් අවශ්‍යයි



අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ රජයේ හා පුද්ගලික කාර්යාල හෙට (11) සිට විවෘත කළ ද රැකියාව සඳහා යන පුද්ගලයන්ට තමන් අත්‍යාවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති බවට ආයතනයෙන් නිකුත් කළ ලිපියක් සහ සේවා හැඳුනුම්පත් ළඟ තිබිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම කැඳවීම සඳහන් ඊමේල් ලිපියක්, වට්ස් ඇප්, වයිබර් හෝ එස්එම්එස් පණිවිඩයක් හෝ තිබීම ප්‍රමාණවත් බව ද හෙතෙම සඳහන් කරයි.

 


RECOMMEND POSTS