රාමසාන් උපවාසයට කොවිඩ් - 19 බලපෑම්



‍කොරෝනා වසංගතය හේතුවෙන් ජෙරුසලමේ අල් අක්සා මුස්ලිම් පල්ලිය රාමසාන් මාසය පුරාම මුස්ලිම් වන්දනාකරුවන් සඳහා වසා තබන බව ඊයේ (16) නිවේදනය කළේය.

රාමසාන් කාලයේ දී මුස්ලිම්වරු දිනපතා දහස් ගණනක් පල්ලියට හා යාබද ඩොම් ඔෆ් පර්වතයට පැමිණෙන අතර සවස යාඥා කටයුතු සිදුකරයි. මුහම්මද් නබිතුමා ස්වර්ගයට ගිය ස්ථානය ලෙස මුස්ලිම්වරු විශ්වාස කරයි.

අක්කර 35ක් පුරා විසිරී ඇති මෙම පූජනීය ස්ථානය යුදෙව්වන් විසින් පැරණ යුදෙව් දේවස්ථානයක් පිහිටි ස්ථානයක් යැයි විශ්වාස කරයි.

ජෝර්දානය විසින් පත්කරන ලද කමිටුවක් විසින් ගන්නා ලද මෙම තීරණය වේදනාකාරී යැයි ඉස්ලාමීය පූජකවරු පැවසුව ද එය වෛද්‍ය උපදෙස් අනුව අත්‍යාවශ්‍යයෙන් ම පිළිපැදිය යුතු දෙයක් යැයි ද ඔවුහු කියති.

මුස්ලිම්වරුන් රාමසාන් කාලයේ දී ඔවුන්ගේ නිවෙස්වලට වී යාඥා කළ යුත්තේ තමන්‍ගේම ආරක්ෂාව වෙනුවෙන් යැයි මුස්ලිම් පූජකවරු කියති. රාමසාන් උපවාස කාලය අප්‍රේල් 23 ආරම්භ වෙයි.

සාමාන්‍ය තත්ත්වයේ දී මුස්ලිම්වරුන්ට යාඥා කිරීම සඳහා දිනපතා පස් වතාවක් එම ස්ථානය පිරිසිදු කරනු ලැබේ. නමුත් මෙවර එහි සේවකයන්ට මෙතෙක් ඇතුළුවීමට අවසර දී නැත. ජෙරුසලමේ යුදෙව් ආගමට, කතෝලික ධර්මයට හා ඉස්ලාම් ආගමට පූජනීය ස්ථාන පිහිටා ඇති අතර ආගම් තුනේ ම බැතිමතුන් කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට පූර්වාරක්ෂක පියවර අනුගමනය කරමින් සිටියි.

පසුගිය සිතියේ දී ජෙරුසලමේ හා ඊශ්‍රායලය පුරා පාස්කු උත්සවය සමරන යුදෙව්වන්ට සිදුවූයේ නිවසේ සිට එය සැමරීමටය.

සාමාන්‍යයෙන් ජෙරුසලමේ බටහිර මායිමේ විශාල පාස්කු යාඥා සංවිධානය වන අතර යුදෙව්වන්ට යාඥා කිරීමට අවසර ඇති ශුද්ධ ස්ථානයට පාස්කු යාඥාව සඳහා සහභාගී වී සිටියේ අතලොස්සක් වූ බැතිමතුන් පිරිසක් පමණි.

ශුද්ධ වූ සෙපුල්චර් දේවස්ථානයේ සාමාන්‍යයෙන් උත්සවශ්‍රීයෙන් ඇළලී යන වන්දනාකරුවන්ගෙන් පිරී යන පාස්කු උත්සවයක් දක්නට ලැබෙයි. ජේසුස් වහන්සේ කුරුසය මත හිඳුවීම සහ මිහිදන් කළ ස්ථානය ලෙස සළකනු ලැබේ. මෙවර පාස්කු උත්සව සඳහා පූජකවරුන්ගේ කුඩා කණ්ඩායම් සහභාගීවන අතර ඔවුන් මුහුණු ආවරණ පැළඳ සිටියි.

මේ වනවිට ඊශ්‍රයාලයේ අවම වශයෙන් මරණන 140ක් සිදුව ඇති අතර කොරෝනා රෝගීන් 12,600කට ආසන්න පිරිසක් වාර්තා වී ඇත. පලස්තීන ගාසා තීරයේ සහ ඊශ්‍රායල හමුදා කඳවුරු ලා සිටින බටහිර ඉවුරේ මරණ දෙකක් සහ රෝගීන් 300කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ගාසා තීරයේ බටහිර ඉවුරේ ඇති සියලුම මුස්ලිම් දේවස්ථාන මාර්තු මේ දක්වාම වසා දමා තිබේ.

 


RECOMMEND POSTS