යේමනයේ ඓතිහාසික සටන් විරාමයක්



ගෝලීය වසංගතය පැතිරයාම හේතුවෙන් යේමනය පුරා සටන් විරාමයක් බ්‍රහස්පතින්දා (09) සිට ක්‍රියාත්මක වෙයි. මෙය මිලියන ගණනක් ජනතාව සාගතය වෙත තල්ලුකර දැමූ පස් අවුරුදු යුද්ධය අවසන් කිරීමේ බලාපොරොත්තුවක් බව දේශපාලන විචාරකයෝ දක්වති.

ලක්ෂයකට අධික පිරිසක් ඝාතනයට ලක්ව ඇති යුද ගැටුම් අවසන් කිරීම සඳහා එක්සත් ජාතින්ගේ උත්සාහයට සහාය පළ කරමින් හවුති සටන්කාමින්ට එරෙහි සටන් සති දෙකක කාලයකට නතර කරන බව යේමනය පවසයි.

2018 වර්ෂයේ සිට සාමය ගෙන එ්ම සඳහා ගන්නා ප්‍රයත්නයන්හි පළමු විශාල ඉදිරි ගමන වන්නේ මෙයයි. කෙසේ වෙතත් එය තවදුරටත් කෙසේ ක්‍රියාත්මක වන්න් ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයක් නැත.

යේමනයේ කොරෝනා වයිරසය පැතිරීයාම වැළැක්වීම සඳහා එක්සත් ජනපද තානාපති මාටින් ග්‍රිෆිත්ස් විසින් ස්ථිර ගිවිසුමක් සඳහා අනුග්‍රහය දක්වවන සාකච්ඡා සඳහා පහසුකම් සැපයීමට කටයුතු කරන ලදී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්ම ඇන්ටෝනියෝ ගුටරෙස් නිවේදනයක් නිකුත් කරමින් හවුති සටන්කාමින්ගෙන් ඉල්ලා සිටියේ මානුෂීය හා ආර්ථිකය ගොඩනැගීමේ පියවරක් ලෙස රට පුරා සටන් විරාමයක් සඳහා එකඟතාවකට පැමිණෙන ලෙසයි.

එමෙන් ම යහපත් විශ්වාසයකින් හා පූර්ව කොන්දේසි රහිතව සාකච්ඡා කරන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.


RECOMMEND POSTS