මුස්ලිම් පල්ලි සහ ක්‍රිස්තියානි පල්ලි වසා දමයි



ඊජිප්තුවේ මුස්ලිම් සහ සහ ක්‍රිස්තියානි පල්ලි සියල්ල වසා දමන ලෙස එරට රජය නියෝග කරතිබේ.

කොරෝනා රෝගීන් 9 දෙනෙක් සහ මරණ දෙකක් අලුතින් වාර්තා වී ඇති බවත්, සමස්ථ රෝගීන් සංඛ්‍යාව 294 ක් සහ මරණ 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඊජිප්තුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේ ය.

වසා දමනු ලබන මුස්ලිම් පල්ලි අවමංගල්‍ය යාඥා සඳහා හෝ විවෘත නොකරන ලෙස මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

ඊජිප්තුවේ මුස්ලිම් පල්ලි 100,000 කට වැඩි ප්‍රමාණයක් පිහිටා තිබේ. කොරෝනා පාලනය කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස ඇති බැවින් ජනතාව එක්වී වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව එරට රජය පවසයි.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් කයිරෝ නුවර)


RECOMMEND POSTS