මියන්මාරයේ සිටි පිරිසක් දිවයිනට එති



මියන්මාරයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 74 දෙනකු රැගත් මියන්මාර ගුවන් සේවයේ යානයක් අද (16) දහවල් 12.05ට කටුනායක ගුවන් තොටු‍පො‍ළට ළඟා විය.

මියන්මාර ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් මෙම විශේෂ ගුවන් යානය යැන්ගොන් සිට පැමිණ තිබිණි. එම යානයෙන් පැමිණි සියලු දෙනා විෂබීජහරණයට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන ලදී.


RECOMMEND POSTS