බ්‍රිතාන්‍යයන්ට එමීර් රාජ්‍යයෙන් පිටවීමට හැකියි



එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ සිටින බ්‍රිතාන්‍ය ජාතිකයන්ට ආපසු සිය රටට යාමට අවශ්‍යනම් ගුවන් යානා සූදානම් කර ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බ්‍රිතාන්‍ය තානාපති පැට්‍රික් මූඩි ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් පවසයි.

ඔහු පවසා ඇත්තේ හීත්‍රෝ ගුවන් තොටුපොළ හරහා 'ෆ්ලයි ඩුබායි' විශේෂ ගුවන් යානයකින් පිටත්වීමට පහසුකම් සළසා ඇති බවයි. ''එක්සත් අරාබි එමීර රාජ්‍යයෙන් පිටව යාමට ඔබට අවශ්‍යනම් කරුණාකර ආසන වෙන්කරවා ගන්න." යැයි තානාපතිවරයා සඳහන් කර තිබේ.

කො‍විඩ් - 19 වයිරසය පැතීරම වැළැක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බොහෝ ගුවන් ගමන් අත්හිටුවීම සිදුකළේ දින කිහිපයකට පෙරය. ෆ්ලයි ඩුබායි ගුවන් සේවය මාර්තු 23 වැනි දින නිවේදනය කළේ ''අපගේ ගුවන් ගමන් 2020 මාර්තු 24 වැනි දින පැය 23.59 සිට 2020 අප්‍රේල් 07 වැනි දා පැය 2359 දක්වා අත්හිටුවා ඇත." යනුවෙනි.


RECOMMEND POSTS