බ්‍රසීලයේ වයිරසය පැතිරීයාම වැඩිවෙයි



බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව අද (10) දා වනවිට 10,656ක් දක්වා ඉහළ ‍ගොස් ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පසුගිය දින කිහිපයේ දී අවම වශයෙන් තවත් වයිරස ආසාදිතයන් 10,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මේ වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 156,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව ලතින් ඇමෙරිකානු රටවල් අතරින් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට බවට පත්ව ඇත්තේ බ්‍රසීලයයි. එමෙන්ම ලෝකයේ ආසාදිතයන් වැඩිම රටවල් 10 අතරට ද බ්‍රසීලය පැමිණ ඇත.

කෙසේ වෙතත් වයිරසය පාලනය කිරීම සඳහා වසා දැමීමේ ක්‍රියාවලියක් සිදුකළහොත් එය බ්‍රසීලයේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්වාස කරන එරට ජනාධිපති ජෙයාර් බොල්සෝනාරෝ වයිරසයෙන් ඇතිවී තිබෙන තර්ජනය ප්‍රතික්ෂේප කරයි. බොහෝ විචාරකයන් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ මේ ක්‍රියාකලාපය හේතුවෙන් බ්‍රසීල ජනතාව වයිරසයට ගොදුරුවෙමින් සිටින බවයි.  


RECOMMEND POSTS