නිවාඩු දින සෙනඟ සීමා කරයි



රජයේ ප්‍රධාන නිවාඩු දිනයන්හි සහ පෙදු ස්ථානවල ගැවසෙන පිරිස අඩුකර කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීමට සියලුම පොදු ප්‍රවාහන සේවා සහ විනෝද ගමන් නවත්වන බව ඊජිප්තු අග්‍රාමාත්‍ය මොස්ටාෆා මැඩ්බුලි ඊයේ (16) කීවේය.

කිතුනුවන් විසින් පාස්කු උත්සවය සැමරීමෙන් දිනකට පසු එනම් සඳුදා ෂැම් එල්-නෙසීම් සැමරුම් සමග ඊජිප්තු නව අවුරුදු උත්සවයේ ආරම්භය සිදුවෙයි. මුස්ලිම්වරු සහ කිතුනුවෝ මේ සම්ප්‍රදායික උත්සවයට විශාල වශයෙන් එක්වෙයි.

ආහාර අළෙවි සැල් සහ ඖෂධ අළෙවි සැල් හැරුණු විට වෙරළ, උද්‍යාන, පොදු ස්ථාන, ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය අළෙවි සැල් වසා තබන බව කැබිනට් රැස්වීමකින් අනතුරුව රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා වැඩිදුරටත් කීවේය.

මාර්තු 24 වැනි දින රාත්‍රී ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඊජිප්තුව වරින් වර ඇඳිරිනීතිය පනවන ලද අතර එය අප්‍රේල් 23 දක්වා ක්‍රියාත්මක වෙයි.

ඊජිප්තුවේ පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපනික මධ්‍යස්ථන වසා දමා ඇති අතර පල්ලි ද වසා දමා තිබේ එමෙන්ම බොහෝ මහජන සේවා නවතා දමා ඇත. එසේ වුව ද ගුවන් ගමන් සිදුවෙයි.

පසුගිය දිනවල දී මාර්ගවල ගැවසෙන පුද්ගලයන් ප්‍රමාණය වැඩිවීම ගැන රජය දැඩි අවධානයකින් සිිටින බව ද පවසමින් හැකිතාක් නිවසේ ම රැඳී සිටින ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේය.

නයිල් නදී නිම්නයේ ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන කෝටි 10ක් ඉක්මවූ ජනතාවක් සිටින රටක කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සෞඛ්‍ය බලධාරීන්ට දැඩි අභියෝගයක් වන බව ද හෙතෙම පවසයි. කෙසේ වෙතත් තවදුරටත් මහජන සෞඛ්‍ය සේවාවන් ව්‍යාප්ත කිරීමට ද රජය කටයුතු කර තිබේ.

ඊජිප්තුවේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදනය වූවන් 2,643ක් වාර්තා වී ඇති අතර බ්‍රහස්පතින්දා (16) වනවිට සිදුව තිබූ මරණන සංඛ්‍යාව 196 කි සුව වූ රෝගීන් සංඛ්‍යාව 596 දෙනෙකි.


RECOMMEND POSTS