නිව්යෝර්ක්වල අතිරේක මරණ 24,000 ඉක්මවයි



කොරෝනා හේතුවෙන් නිව්යෝර්ක් නගරයෙන් වාර්තාවන නිල මරණ සංඛ්‍යාවට වඩා සත්‍යවශයෙන් ම සිදුවන මරණ සංඛ්‍යාව වැඩි අගයක් ගන්නා බ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ඊයේ (11) නිකතු කළ වාර්තාවක දක්වා ඇත.

නිව්යෝර්ක් නගරයේ සිදුවන අතිරේක මරණ පිළිබඳ මෙම වාර්තාවේ සඳහන් කර ඇති අතර අපේක්ෂා කළ මරණ සංඛ්‍යාවට වඩා මාර්තු මැද භාගයේ සිට තවත් පුද්ගලයන් 24,172 මියගිය ඇති බව එහි දැක්වේ.

එම වාර්තාවේ සඳහන් වන්නේ එම අතිරේක මරණවලින් 19,000ක් පමණ කොරෝනා ආසාදනය හේතුවෙන් වූ මරණ විය හැකි බවයි. එමෙන්ම නගරයේ සිදුව ඇති අතිරේක මරණවලින් 5,000කට වඩා වැඩි සංඛ්‍යාවක් කොරෝනා වයිරසය සමග පැහැදිලි සම්බන්ධතාවක් නොමැති බව ද නිව්යෝර්ක් හි සෞඛ්‍ය හා මානසික ‍සනීපාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඩොනල්ඩ් ඕල්සන්ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමක් පවසයි.

නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් පමණක් වාර්තාවන මෙම අතිරේක මරණ සංඛ්‍යාව ද ඇමෙරිකාවේ සමස්ථ මරණ සංඛ්‍යාවට එකතු කළ විට සම්පූර්ණ මරණ සංඛ්‍යාව දැනටමත් 100,000 සීමාවට පැමිණ ඇති බව එම වාර්තාවේ දැක්වේ.

 


RECOMMEND POSTS